මදුරන්කුලිය, ආනවිළුන්දාව – මයියාව වැව රක්ෂිතයේ හටගෙන තිබූ හදිසි ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (21) දින යොදවා තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී ඇත.
















