අගෝස්තු 21 වන දින රාත්‍රියේ උඩවලව පොලිස් වසමේ ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ ගේපොരിയ හන්දිය ප්‍රදේශයේදී, රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කරන බවට අනතුරු ඇඟවීමේ පුවරුවක ගැටී මාර්ගයෙන් ඉවතට පැන බිම ඇද වැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 47ක් වූ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. උඩවලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















