ජාතික තරුණ ප්‍රතිපත්තිය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගයෙන් කෙටුම්පත් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම මේ දිනවල සිදු වෙමින් පවතී.
සකස් කරන ලද කෙටුම්පත පිළිබඳව මේ වන විට පළාත් මට්ටමේ මහජන අදහස් ලබාගැනීම සඳහා සාකච්ඡා 5ක් පවත්වා ඇති අතර, මධ්‍යම පළාත් සාකච්ඡාව ඊයේ (අගෝස්තු 20) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ Youth Club තරුණ නායක නායිකාවන් පිරිසක් සහභාගී වූහ.
—
















