මෙරට කලා ක්ෂේත්රයට කීර්තිමත් සේවාවක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ඇය වාමාංශික දේශපාලන මතවාදයක් විශ්වාස කළද, වමට බර දේශපාලන සංකල්ප සේම දක්ෂිණාංශික සංකල්පවලද පවතින හොඳ ලක්ෂණ එකතු කර මැද මාවතේ ගමන් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවයි. පොළොන්නරුව ඇලැහැර අත්තනකඩවල ශ්‍රී පුන්‍යවර්ධනාරාම ප්‍රභාෂ්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ ඉදිවන විශාලතම භූමි ස්පර්ශ සියක් රියන් සමාධි ප්‍රතිමා වහන්සේගේ තීන්ත ආලේපනය සඳහා රුපියල් ලක්ෂ 18ක් වටිනා තීන්ත ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, වත්මන් රජය ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවත්, වී කිලෝවකට රුපියල් 150ක් ලබා දෙන බවට පැවසුවද වර්තමානයේ ලබා දෙන්නේ රුපියල් 120ක සහතික මිලක් පමණක් බවත් පෙන්වා දුන්නේය. තවද, ඉදිරියේදී ඇති විය හැකි දැඩි එල්නීනෝ සහ ලානීනා කාලගුණික තත්ත්වයන් මෙන්ම ගෝලීය අනාවැකි හමුවේ රටේ මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුණ දිය හැකි දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා පක්ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
















