කොළඹ SSC පිටියේදී හෙට (අගෝස්තු 23) දිනයේ සිට පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උදාකර දී තිබේ.
ඒ අනුව, හෙට දිනයේ සිට ලබන 27 වැනිදා දක්වා තරගය පැවැත්වෙන අතර, තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට කිසිදු ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමකින් තොරව ක්‍රීඩාංගනයට ඇතුළු වීමේ අවස්ථාව හිමි වේ.
















