‘මිස් ටීන් ශ්‍රී ලංකා 2026′ කිරුළ හිමිකරගත් දිව්යාංගනා සෙනෙවිරත්න මහත්මිය, ඉන්දියාවේ ජയ്පූර්හි පැවැත්වෙන ‘මිස් ටීන් ජාත්‍යන්තර 2026′ (Miss Teen International 2026) රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද (අගෝස්තු 22) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් (BIA) ඉන්දියාව බලා පිටත්ව ගියාය.
මෙම ජාත්‍යන්තර රූ රැජින තරගය අගෝස්තු 22 සිට 31 දක්වා පැවැත්වීමට නියමිත අතර, එයට රටවල් 40ක් පමණ නියෝජනය කරමින් තරුණ රූ රැජිනියන් සහභාගී වීමට නියමිතය.
මහනුවර පදිංචිකාරිනියක වන සහ පූර්ණකාලීන නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන දිව්යාංගනා සෙනෙවිරත්න, අද දහවල් 12:30ට චෙන්නායි බලා පියාසර කළ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6E-1280 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගිය අතර, ඇය චෙන්නායි හරහා ජയ്පූර් වෙත ළඟා වීමට නියමිතය.
















