පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව එම වාර්තා ඉල්ලුම්පත් නැවත පෙර පරිදි ඉදිරිපත් කළ හැකිය.
මීට පෙර [email protected] යන විද්‍යුත් ලිපිනය මගින් තාවකාලික ක්‍රමවේදය අනුගමනය කිරීමට අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව එම සියලුම අයදුම්කරුවන් පද්ධතිය යථාවත් වූ පසු පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
















