වර්තමාන රජයට යම් දිනක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙතරම් විරෝධයක් එල්ල වන්නේ ඇයිද යන්න අවබෝධ වනු ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය.
කොළඹදී ‘Save Our Sovereignty (SOS)’ නමැති ස්වාධීන ව්‍යාපාරයක් විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “අධිකරණය සමඟ සෙල්ලම් නොකළ යුතුයි” යනුවෙන් දැඩි ප්‍රකාශයක්ද සිදු කළේය.
















