ශ්‍රී ලාංකික ආහාර සහ කුළුබඩු සන්නාමයක් වන ‘රස පදම®’ (Rasa Padhama) ආයතනය, BestWeb.LK 2026 සම්මාන උළෙලේදී ප්‍රවර්ග මට්ටමේ සම්මාන දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.
කොළඹ මොනාක් ඉම්පීරියල් (Monarch Imperial) හිදී පැවති BestWeb.LK 2026 සම්මාන උළෙලේදී, හොඳම ආහාර සහ පානීය වෙබ් අඩවියට (Best Food & Beverage Website) හිමි ලෝකඩ සම්මානය සහ එම ප්‍රවර්ගයේ හොඳම ජංගම පරිශීලක අත්දැකීමට (Best Mobile User Experience) හිමි සම්මානය දිනා ගැනීමට ඔවුන් සමත්විය. රස පදම වෙනුවෙන් උත්සව අවස්ථාවට සහභාගී වූ ෆාතිමා අමාරා මහත්මිය විසින් එම සම්මාන ලබා ගන්නා ලදී.
2026 ජනවාරි මාසයේදී rasapadhama.lk වෙබ් අඩවිය ආරම්භ කර මාස හතක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජයග්‍රහණය හිමිවීම විශේෂත්වයකි. ඔන්ලයින් සාප්පු සවාරි, වට්ටෝරු සහ ආහාර අන්තර්ගතයන් සමඟ ඩිජිටල් නවීන අත්දැකීම් රැසක් මෙම වේදිකාවට එකතු කර ඇත. සන්නාමයේ නිර්මාතෘ මුෆස්සිර් හුසේන් මොහොමඩ් මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය තමන් බලාපොරොත්තු වූවකට වඩා වැඩි සතුටක් ගෙන දුන් බවත්, ඉදිරියටත් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ අත්දැකීම් නිර්මාණය කිරීමට එය විශාල උනන්දුවක් වන බවත්ය.
ශ්‍රී ලංකා ඩොමේන් රෙජිස්ට්‍රාර් (LK Domain Registry) ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන BestWeb.LK තරගය මෙවර පැවැත්වුණේ 16 වැනි වරටය.
















