ලෝකයේ විශාලතම ඒකාබද්ධ නිවාස අලංකරණ සහ ගෘහභාණ්ඩ සමාගම් වලින් එකක් වන ‘KUKA HOME’ ආයතනය, සිය ප්‍රථම ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කර ඇත. නවීන ජීවන රටාවකට ගැළපෙන පරිදි සහනදායී මිලගණන් යටතේ උසස් තත්ත්වයේ ගෘහභාණ්ඩ සැපයීම සඳහා ප්‍රසිද්ධ මෙම ගෝලීය සන්නාමය ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරනු ලබන්නේ ‘ෆින්කෝ හෝම්ස්’ (Finco Homes) ආයතනයයි.
දශක හතරකට වැඩි කාලයක නිර්මාණ අත්දැකීම්, පේටන්ට් බලපත්‍රලාභී තාක්ෂණයන් සහ ගෝලීය විශේෂඥ දැනුම හිමි KUKA HOME සන්නාමය රටවල් 120 කට අධික ප්‍රමාණයක සහ ලොව පුරා සිල්ලර අලෙවිසැල් 6,000 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර නිර්මාණ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකික කුටුම්භයන්ගේ අවශ්‍යතා සාර්ථකව මුසු කරන ගෘහභාණ්ඩ සන්නාමයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ෆින්කෝ හෝම්ස් මෙම හවුල්කාරීත්වයට එළඹී ඇත.
1982 දී ආරම්භ කරන ලද KUKA HOME, චීනය, මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවල නිෂ්පාදන මධ්‍යස්ථාන 14ක් පවත්වාගෙන යන අතර, ඉතාලියේ මිලාන් නගරයේ නිර්මාණ මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. නවීන තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජීවන රටාවන්ට ගැළපෙන අයුරින්, පාරිභෝගිකයන්ට තම නිවෙස්වලට වඩාත් උචිත අයුරින් ගෘහභාණ්ඩ තෝරා ගැනීමට හැකිවන පරිදි සම්පූර්ණ සංකල්පීය ප්‍රදර්ශනාගාරයක් ලෙස මෙම නව අලෙවිසැල සකස් කර තිබේ.
















