රුසියාව සමඟ පවතින යුද ගැටුම් මධ්‍යයේ, ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ රුසියානු ළමා සජීවිකරණ මාලාවක් වන ‘මාෂා ඇන්ඩ් ද බෙයාර්’ (Masha and the Bear) සම්බන්ධයෙන් යුක්රේනය දැඩි සම්බාධක පැනවීමට පියවර ගෙන තිබේ. මෙම සජීවිකරණ මාලාව හරහා රුසියානු හිතවාදී ආඛ්‍යාන පතුරුවමින් සහ ළමා ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගනිමින් රුසියානු මෘදු බලය ව්‍යාප්ත කරන බවට යුක්රේන රජය චෝදනා කරයි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් විසින් අදාළ කාටූන් මාලාව නිෂ්පාදනය කරන ‘Animaccord’ ස්ටුඩියෝ ආයතනය ඇතුළු එහි නිර්මාතෘවරුන්ට සහ බෙදාහරින්නන්ට එරෙහිව සම්බාධක පනවමින් නියෝගයකට අත්සන් තබා ඇත. මෙම සම්බාධක හරහා යුක්රේනය තුළ මෙම අන්තර්ගතයන් අවහිර කිරීමටත්, ජාත්‍යන්තර වේදිකා හරහා එහි මුදල් ඉපැයීමේ ක්‍රියාවලි සහ බෙදාහැරීම් සීමා කිරීමටත් නීතිමය පදනමක් සැකසෙන බව යුක්රේන සංස්කෘතික අමාත්‍ය ටෙටියානා බෙරෙෂ්නා ප්‍රකාශ කර ඇත.
රුසියාවේ මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇති ක්‍රෙම්ලීන මාලිගයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර ඇත්තේ, යුක්රේනය දැන් කාටූන් සමඟද යුද්ධයක් ආරම්භ කර ඇති බවත්, එය එරට පාලන තන්ත්‍රයේ සැබෑ ස්වරූපය මනාව පෙන්නුම් කරන්නක් බවත්ය. මීට පෙරද එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ‘Animaccord’ නිෂ්පාදන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, තම ආයතනය කිසිදු රුසියානු රාජ්‍ය අරමුදලක් නොලබන ස්වාධීන ආයතනයක් බවයි.
















