භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් සුවපත් හා සවිමත් සමාජයක් ගොඩනැගීම සඳහා පූර්වගාමී මෙහෙවරක නිරත වන මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සෞඛ්‍ය සුවතාව තහවුරු කිරීමේ අරමුණින් “දිවියට සුවයක් – දහමට සවියක්” විශේෂ සර්ව ආගමික වෛද්‍ය සායනයක් බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව එක්ව මෙම වෛද්‍ය සායනය සංවිධානය කර තිබුණි. බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති සායනයේදී කායික රෝග, දන්ත, අක්ෂි සහ ආයුර්වේද ඇතුළු විවිධ වෛද්‍ය සේවා ලබාදීමට කටයුතු කෙරිණි.
බදුල්ල මුතියංගන රාජමහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම වැඩසටහන සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.
















