කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ උපදේශයක් නිකුත් කර තිබේ.
මෙම උපදේශය නැගෙනහිර සහ උතුරු මැද පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චි, වවුනියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බලපැවැත්වෙන අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් තාප දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් දීර්ඝ කාලයක් අව්වේ ගැවසීමෙන් වැළකෙන ලෙසත්, සජලව සිටින ලෙසත් සහ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















