අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි නියෝජිතයින්ගේ දරුවන් වෙනුවෙන් 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි නියෝජිතයින් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබා සිටිති.
















