ශ්රී ලංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබේ.
පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට ඇය 82 වන වියේ පසුවූවාය. 1943 අගෝස්තු 23 වනදා උපත ලද ඇය, දශක ගණනාවක් පුරා මෙරට ගීත ක්ෂේත්රය පෝෂණය කරමින් අමරණීය මෙහෙවරක් ඉටු කළ අතර, ඇයගේ වියෝව වෙනුවෙන් රජය විසින් පසුගිය 21, 22 සහ අද (23) දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්රකාශයට පත් කරනු ලැබීය. ඇයගේ අන්තිම කැමති පත්රයට අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව පසුගියදා ඇයගේ දේහය ආදාහනය කරනු ලැබීය.
















