කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිතිකරු කමිල් මිෂාර අද (23) සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගයේදී යළි නැගී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන අතර, 25 හැදිති වමතින් පිහිටන පිතිකරු කමිල් මිෂාර සංචිතයට නම් කර ඇත්තේ ළහිරු උදාර සමඟ ආරම්භක පිතිකරුවා ලෙසිනි. මීට පෙර නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 174ක් රැස්කිරීම ඇතුළුව මෑතකදී දැක්වූ දක්ෂතා මත ඔහුට මෙම අවස්ථාව හිමි විය.
මේ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ළහිරු උදාර, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), සෝනල් දිනුෂ, පසිඳු සූරියබණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), කේශර නුවන්ථ, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර.
















