සුවහසක් අපේ රටේ ජනතාව අන්ත අසරණ භාවයට අද පත්වෙලා තියෙනවා. ජනතාව රවට්ටලා, මංකොල්ලකා, අන්දවලා බොරු පොරොන්දු ආකාරයක් තුළින් රටම රවට්ටලා අද රටට සුගතියක්, සංවර්ධනයක්, සහනයක්, සුභසාධනයක් අත්පත් කර දෙන්නට බැරිව වර්තමාන රජය ලත වෙන මොහොතක, විශේෂයෙන්ම ඔබගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න අපි අද මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට කටයුතු කරනවා.
මෙම මොහොතේ ඔබගේ ආර්ථික අයිතිය, සමාජීය අයිතිය සහ ජීවත් වීමේ අයිතිය මෙම රජය උදුරාගෙන හමාරයි. නමුත් අද ඔබගේ බල ප්රදේශයේ පවතින මිනිස්-අලි ගැටුමට විධිමත් විසඳුමක් නෑ. වගා පාලුවට, දේපළ හානියට සහ ජීවිත හානි වළක්වා ගැනීමට ක්රමවත් වැඩසටහනක් නොමැත. ඔබගේම බල ප්රදේශයේ අද මහා පරිමාණයේ රජයේ මන්ත්රීවරුන් සම්බන්ධ වෙලා ඉඩම් මංකොල්ලකෑම් ක්රියාත්මක වන අතර ඔබගේ සම්පත් උදුරා කමින් ජනතාවගේ අයිතිවාසිකම් විනාශ වන යුගයක අපි ඔබට ලබා දෙන බලාපොරොත්තුව වන්නේ විධිමත් ක්රමවත් දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළයි.
සමාජයේ ඉන්න තරුණ පරපුරට රැකියා නිර්මාණය කරන වැඩපිළිවෙළක් රට තුළ අලුත් නැඟීසිටීමක් බිහි කරලා, ඒ නව නැඟීසිටීම තුළ අනාගතයේ සිහින සැබෑ කරවන යුගයක් බිහි කිරීම අපේ අරමුණයි. දරු පරපුරට මෙන්ම මව් පරපුරට සහ සමාජයේ අසරණම කොට්ඨාසයට වැඩිම අවදානමක් තිබෙන කොට්ඨාසය සුරක්ෂා කරන ජාතික ප්රතිපත්තියක් අපි ක්රියාත්මක කරනවා.
















