ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම වැඩසටහන යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරන අතර, යාපනය, වව්නියාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 76 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කර ඇත. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වන අතර, ප්‍රතිලාභී සිසුන් අසළටම ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම මෙහි විශේෂත්වයකි. උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුළු මහජන නියෝජිතයන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















