2026.08.22 දින රාත්‍රී ඉපලගම පොලිස් වසමේ අක්කර 500 කාලාලැව මාර්ගයේ කුවලානගම ප්‍රදේශයේදී කාලාලැව ਵੱෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියක නටුපව ගැටී යතුරුපැදි දෙකම පෙරළී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිවල පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනෙකු කාලාලැව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යැවීමෙන් පසු එක් පසුපැදිකරුවකු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 75 ක් වූ ඕට්ටමාවලඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉපලගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















