නිර්මාණශීලීත්වය හා රස ගුණ එක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුන්වන වරට සංවිධානය කළ ‘සූපශාස්ත්‍ර කලා උළෙල’ සීගිරියේදී සාර්ථකව අවසන් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තෙවන වරටත් සංවිධානය කළ ‘ගුවන් හමුදා සූපශාස්ත්‍ර කලා තරඟාවලිය 2026’ ඊයේ (22) සීගිරියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන නිවාඩු නිකේතනය ඉදිරිපිට පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා.
සූපවේදීන්ගේ සූපශාස්ත්‍ර කුසලතා සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැති මෙම තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කළ මෙම තරඟාවලිය, World Association of Chefs’ Societies (WACS) හි ජාත්‍යන්තර නීති,රීති සහ මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වුණා.
මෙවර තරඟාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායම විසින් දිනාගත් අතර, අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායම විසින් හිමිකර ගත්තා. එමෙන්ම, Most Prominent Mixologist සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර නියෝජනය කළ කෝප්‍රල් ධනංජය විසින් දිනාගත් අතර, Most Outstanding Culinary Master සම්මානය එම මූලස්ථානය නියෝජනය කළ සිවිල් සේවක එම්. බී. එස්. පී. කුමාර මහතා විසින් හිමිකර ගත්තා.
මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, සංස්කෘතික ත්‍රිකෝණයේ හෝටල්වල වෘත්තීය සූපවේදීන්, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල පාසල් සිසුන්ද තරග සඳහා සහභාගී වී සිටියා. ඒ අනුව, මෙවර තරඟාවලිය සඳහා තරඟකරුවන් 325 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුනු තරඟකාරී අංග ගණන 422ක්. සංචාරක පුරවරයක් වන සීගිරිය කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම තරඟාවලිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් රැසක් එක්වූ අතර, නවක සූපවේදීන් හා පාසල් සිසුන්ට ප්‍රවීණ සූපවේදීන්ගෙන් අත්දැකීම් හා මඟපෙන්වීම් ලබාගැනීමටද අවස්ථාව හිමිවුණා.
















