අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් රට පුරා සාර්ථකව සිදු වන අතර, ඊයේ (22) දිනයේදී පමණක් පුද්ගලයින් 27,838 දෙනෙකු පරික්ෂාවට ලක් කර තිබේ.
ඊයේ දිනයේ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 607 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයන් 09 දෙනෙකු, වරෙන්තුකරුවන් 268 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 141 දෙනෙකු මීට ඇතුළත් වේ.
එමෙන්ම බීමත් රියැදුරන් 44 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන්ද පුද්ගලයින් 4709 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
















