ත්‍රිරෝද රථ පැදවීම පිළිබඳව නිසි නියාමනයක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවයි. විශේෂයෙන්ම පාසල් හැරයන සිසුන් ත්‍රිරෝද රථ වෘත්තියට යොමුවීම පාලනය කරමින්, එම ක්ෂේත්‍රය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
















