මහනුවර ඓතිහාසික දළඳා පෙරහර වෙනුවෙන් මාලිගා භූමියට ඇතුළුවන ප්‍රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී, කලහාකාරී ලෙස හැසිරී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සහ නීති විරෝධී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට මහනුවර පොලිසිය පියවර ගනිමින් සිටියි.
















