බැසිල් රාජපක්ෂ මහතා විසින් අයථා අයුරින් උපයාගත් මුදල් භාවිතා කර මිලදී ගත් බවට සැක කෙරෙන මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමේ අතහැර දමා ඇති ගොඩනැගිල්ල මේ වන විට විවිධ අයථා ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයන්ගේ තිප්පොළක් බවට පත්ව ඇති බව වාර්තා වේ.
අදාළ ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර, නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කිරීමට සහ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ඔක්තෝබර් 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර ඇත. මේ වන විට එම ගොඩනැගිල්ල තුළ හිස් මත්පැන් බෝතල්, එන්නත් කටු ඇතුළු විවිධ ද්‍රව්‍ය තිබී හමුවී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ නීතිඥයකුගේ මැදිහත්වීමෙන් මීට පෙර එහි ඉදිකිරීම් සිදු කර ඇති බවයි.














