මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (24) රාත්‍රී කාලයේදී උත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.00ට නැගෙනහිර දිශාභිමුඛව පිටත්වන පෙරහර, දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය සහ හරස් වීදිය ඔස්සේ යළිත් ඩී.එස්. සේනානායක වීදිය හරහා රජ වීදියෙන් ඉහළට ගොස් දළදා මාලිගය වෙත ගෙවැදීමට නියමිතය.














