මහනුවර ඇසළ පෙරහරට සහභාගී වී සිටින සියලුම අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමේ විශේෂ වෛද්‍ය සායනයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වා තිබේ.
වනජීවී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජපන් ජාතික මහාචාර්යවරුන් දෙදෙනෙකුද එක්වී ඇති මෙම පරීක්ෂණවලදී, අලි ඇතුන්ට ආතතිය, ක්ෂය රෝගය සහ අක්ෂි ආබාධ වැනි රෝග තත්ත්වයන් තිබේද යන්න පරීක්ෂා කර ඇත. සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පෙරහරේ ගමන් කිරීමට සුදුසුකම් නොලැබූ අලි ඇතුන් කිහිප දෙනෙකුටම අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා වේ.














