විශ්වවිද්‍යාල ශිෂ්‍ය සුභසාධනය ඉහළ නැංවීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ යටතේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව නේවාසිකාගාර 55ක් ඉදි කිරීමට නියමිත බව වාර්තා වේ.
එහි එක් පියවරක් ලෙස, රුපියල් මිලියන 231.2 ක වියදමින් වවුනියාව විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා සිව් මහල් නව නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) සිදු කර ඇත. සිසුන් 200 කට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් හිමි වන මෙම නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2027 වසරේ අවසන් කිරීමට නියමිත අතර, වවුනියාව විශ්වවිද්‍යාලය තුළ පමණක් මෙგැනි නේවාසිකාගාර 4ක් ඉදි කිරීමට නියමිතව තිබේ.













