2001 වසරේ නිකුත් වූ ‘පූෆ් පොයින්ට්’ (The Poof Point) චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූ යූටා ප්‍රාන්තයේදී තමාට දැඩි ලෙස ලිංගික අපයෝජන සහ හිරිහැරවලට මුහුණ දීමට සිදු වූ බවට එම චිත්‍රපටයේ රඟපෑ රාකෙල් ලී (Raquel Lee Boileau) විසින් ලොස් ඇන්උසාවියේදී දැඩි චෝදනා එල්ල කරමින් නඩුවක් ගොනු කර තිබේ. රූගත කිරීම් අතරතුර වැඩිහිටි පිරිමි සේවකයෙකු විසින් තමාට මෙම අපයෝජන සිදු කළ බවත්, ඩිස්නි සමාගම ඒ බව හොඳින් දැන සිටියද එය වසා දමමින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ඇය පවසයි.
එම සමයේදී 14 හැවිරිදි වියේ පසුවූ ඇයට ඩිස්නි විධායක නිලධාරීන්ගෙන්ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ළමා නළුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමාගම අසමත් වී ඇති බව නඩු වාර්තාවේ සඳහන් වේ. කැලැන්ඩර් ව්‍යවස්ථාවේ නීතිමය වෙනස්කම් හේතුවෙන් වයස අවුරුදු 40ට ළඟා වන තෙක් ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට ඇති අවස්ථාව පදනම් කරගනිමින් මෙම නඩුව ගොනු කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ඩිස්නි ආයතනය ප්‍රතික්ෂේප කර ඇති අතර, නීතිඥවරුන් පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතියේ රැහැනට හසු කරගත යුතු බවයි.
















