රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමේ පාක්ෂිකයා වෙනුවෙන් නායකත්වය දීමට තමන්ට වගකීමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂයක් ලෙස තමන් සිදු කළ දේශපාලන බලපෑම හමුවේ ජනාධිපතිවරයාට පවා මහ පාරට බැස ජනතාව හමුවීමට සිදුව ඇති බවත්, එය විපක්ෂය ලැබූ පළමු ජයග්රහණය බවත් ඒ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා රැස්වීම්වලදී තමන්ගේ කතාව පමණක් කර පැමිණෙන්නේ නැතිව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන තැනට තල්ලු කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් මන්ත්රීවරයා, පාර්ලිමේන්තුව තුළ තමන් සිටින්නේ සුළු නියෝජනයක වුවද ජනතාවගේ හදවතේ ලොකු ඉඩක් දිනා සිටින බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















