පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කර ජාතික උරුම පනත හරහා ජාතික උරුම දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක පුබුදු ගමගේ මහතා චෝදනා කරයි.
මෙම අලුත් පනත මගින් ජාතික උරුමයන් නම් කිරීමේ බලතල පළාත් බලධාරීන් වෙත පැවරීමට කටයුතු කර ඇති බවත්, එමගින් උතුරු නැගෙනහිර පවතින බෞද්ධ විහාරස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්ථාන අත්පත් කරගනිමින් ඒවා විනාශ කිරීමට වෑයම් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කරමින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
















