සෝමාවතිය ජාතික උද්‍යානය තුළ, සෝමාවතිය චෛත්‍යය ආසන්නයේ සැරිසරන වයස අවුරුදු 40ක් පමණ, උස අඩි 9ක් වන වන අලියාට නැවතත් සාර්ථකව ප්‍රතිකාර කටයුතු සිදු කර තිබේ. වම් පස උදර ප්‍රදේශයේ සැරව ගෙඩියක් ආසාදනය වීමෙන් තුවාල ලබා සිටි මෙම වන අලියා සඳහා, ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කලාපය භාර පශු වෛද්‍ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සෝමාවතිය අඩවියේ වනජීවී නිලධාරීන් එක්ව මෙම ප්‍රතිකාර කටයුතු සිදු කර ඇත.
















