අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකයින්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන උතුරු මැද පළාතෙන් ආරම්භ කර තිබේ. 2026 වසර සඳහා වන මෙම සමාරම්භක වැඩසටහන කථානායක ජගති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි.
ලොතරැයි අලෙවිය හරහා ජනාධිපති අරමුදල ශක්තිමත් කිරීමට ලොතරැයි අලෙවිකරුවන් දක්වන දායකත්වය අගයමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ 1 වසරේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ට ශිෂ්‍යත්ව හිමි වන අතර, මෙය ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා සඳහන් කළේ ජනාධිපති අරමුදලට ලැබෙන සෑම රුපියලක්ම අගහිඟකම් ඇති ජනතාවගේ සුබසාධනය උදෙසාම යොදවන බවයි.














