ඇමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළඳ සාකච්ඡා පසුගිය සතියේ අසාර්ථක වීමෙන් අනතුරුව, 2027 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ට්රක් රථ සහ අමතර කොටස් සඳහා 50% ක තීරුබදු (Tariffs) පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනය කර තිබේ.
කැනඩා අගමැති මාක් කාර්නි (Mark Carney) කැනඩාවේ ස්වෛරීභාවයට සහ මුදල් පද්ධතියට ගෞරව කරන්නේ නම් පමණක් නැවත සාකච්ඡා මේසයට පැමිණෙන බව ප්රකාශ කිරීමත් සමඟ මෙම වෙළඳ යුද්ධය තවදුරටත් උග්ර වී ඇත. මීට පෙර ඇමෙරිකාව මඟින් කැනඩා භාණ්ඩ සඳහා පැනවූ බදුවලට ප්රතිචාර ලෙස සැප්තැම්බර් 08 වනදා සිට ඇතැම් ඇමෙරිකානු භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු පැනවීමට ද කැනඩාව තීරණය කර ඇත. මෙම උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆෝඩ් (Ford), ස්ටෙලාන්ටිස් (Stellantis) සහ ජෙනරල් මෝටර්ස් (GM) ඇතුළු ප්රමුඛ පෙළේ මෝටර් රථ සමාගම්වල කොටස් මිල ගණන් ද පහත වැටී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















