2002 වසරේ සිට මේ දක්වා කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ලබාදී ඇති බව ADB ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ශැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පවසයි.
යාපනයේ ක්‍රියාත්මක මුහුදු ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සහ යාපනය ශික්ෂණ රෝහල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය මේ බව පැවසුවාය. උතුරේ යටිතල පහසුකම්, පානීය ජලය, මාර්ග, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් මෙම අරමුදල් යොදවා ඇති අතර, 2002-2012 NECORD ව්‍යාපෘතියට ඩොලර් මිලියන 134.9 ක් ද, 2010-2020 මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට ඩොලර් මිලියන 247.5 ක් ද, CARE ව්‍යාපෘතියට ඩොලර් මිලියන 138.2 ක් ද ඇතුළුව දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් මීට අයත් වේ.
















