පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් අඩපණ වී තිබූ පලස්තීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය සාර්ථක ලෙස ප්‍රතිසංවිධානය කර යළි සක්‍රිය කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
රමල්ලාහි පිහිටි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේදී පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ෆාරුක් මොහොමඩ් ෆවුසර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. දෙරටේ සිවිල් සමාජ, සංස්කෘතික සහ තරුණ සබඳතා වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඊට සමගාමීව ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගීතාවයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් පලස්තීන තරුණ ප්‍රජාව වෙනුවෙන් දිවයින පුරා රචනා තරගයක් පැවැත්වීමටත්, එහි ජයග්‍රාහකයාට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික සංචාරයක් ලබාදීමටත් තීරණය කර ඇත.
















