රත්මලාන ගුවන්තොටුපොළේ ගොඩබෑමේදී පුහුණු ගුවන් නියමු සිසුවෙකු විසින් පදවන ලද සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ.
අනතුරින් ගුවන් යානයේ නියමුවාට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, අනතුර හේතුවෙන් ගුවන් යානයට හානි සිදුව ඇති අතර, මේ වනවිට රත්මලාන ගුවන්තොටුපොළේ ධාවන පථය තාවකාලිකව අවහිර වී ඇත.
අනතුරට ලක්වූ ගුවන් යානය ඉවත් කර ගුවන් ධාවන පථය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට නිෂ්කාශන කටයුතු සිදුකරමින් පවතියි.
















