මැදපෙරදිග පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ භූ-දේශපාලනික අර්බුදය සමනය කර සාමය උදාකිරීම සඳහා වඩාත්ම තීරණාත්මක මැදිහත්වීම සිදුකළ හැක්කේ ඉන්දියාවට සහ චීනයට බව එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළ බව ThePrint India පුවත් සේවයේ දෙබ්දත්ත චක්‍රබෝර්ති වාර්තා කරයි.
ග්ලෝබල් ටවුන් හෝල් සංවාදයකට එක්වෙමින් ඇය පෙන්වා දී ඇත්තේ, කලාපයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ඉරානය, ඊශ්‍රායලය මෙන්ම අනෙකුත් අරාබි රටවල් සමඟ ද ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා පවත්වාගෙන යන එකම ගෝලීය බලවතුන් දෙදෙනා ඉන්දියාව සහ චීනය බවයි. බටහිර ජාතීන්ගේ බලපෑමට වඩා ආසියානු බලවතුන් දෙදෙනාගේ සාමූහික රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හමුවේ යුද්ධය නැවැත්වීමට ඉරානය ඇතුළු පාර්ශවයන් නම්‍යශීලී වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දියාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය සහ චීනයේ කලාපීය ආර්ථික නායකත්වය මෙන්ම බලශක්ති අවශ්‍යතා මත පදනම් වූ සබඳතා භාවිත කරමින්, මෙම යුදමය වාතාවරණය අවසන් කිරීමට දෙරටම පෙරමුණ ගත යුතු බව හිලරි ක්ලින්ටන් අවධාරණය කරයි.
















