ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා මොස්කව් නුවරදී හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වී තිබේ.
දෙරට අතර වෙළෙඳ, බලශක්ති, කෘෂිකාර්මික පොහොර සහ න්‍යෂ්ටික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුවී ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති පුටින් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත අතර, ඊට පෙර පැවැති මෙම හමුවේදී ඉන්දියාව වෙත සපයන පොහොර ප්‍රමාණය ඉහළ නැංවීමට සහ අඛණ්ඩව ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට රුසියාව එකඟතාව පළ කර තිබේ.
















