රට පුරා සුහුරු මනු පද්ධති (Smart Meters) ලක්ෂ 3ක් ස්ථාපනය කිරීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් වසර 02ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම ව්‍යාපෘතිය ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගම’ විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙරට සුහුරු ජාල නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක් සහිත මෙම ස්මාර්ට් මීටර් පද්ධති සවිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය පහසුකම් යටතේ ඉතිරිවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රතිපාදන යොදාගැනීමට නියමිතයි.














