2025 අප්‍රේල් 22 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, පාකිස්තානය තුළ ඉලක්ක වෙත හමුදා ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව දේශපාලන මට්ටමින් තීරණයක් ගෙන තිබූ බව ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ජෙනරාල් අනිල්ගේ චෞහාන් ප්‍රකාශ කරයි.
මෙම අනාවරණයත් සමඟ, අදාළ ප්‍රහාරාත්මක තීරණය හමුවේ ඉන්දියාව මුහුණ දුන් බරපතළ මිලිටරි, තාක්ෂණික සහ රාජ්‍යතාන්ත්‍රික අවාසි සහ අවදානම් රැසක් කෙරෙහි මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමුවී තිබේ.
සර්ගෝධා හි පිහිටි පාකිස්තාන රේඩාර් පද්ධති සෙවීම සඳහා යැවූ ඉන්දීය ඩ්‍රෝන යානයක් ඉන්ධන අවසන් වීම නිසා පාකිස්තානයේ න්‍යෂ්ටික අවි ගබඩා කර ඇති බවට සැලකෙන කිරානා හිල්ස් කඳුකර ප්‍රදේශයට කඩාවැටී ඇති බව චෞහාන් පිළිගෙන ඇත. මෙය සැලසුම්සහගතව කළ එකක් නොවන බව ප්‍රකාශ කළද, න්‍යෂ්ටික බලවතෙකුගේ මෙවැනි සංවේදී භූමියකට අහම්බෙන් හෝ ප්‍රහාරයක් එල්ල වීම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා තත්ත්වය උග්‍ර වීමේ දැවැන්ත අවදානමක් ඉන්දියාව දෙසින් නිර්මාණය කර තිබුණි.
එමෙන්ම, මැයි 7 වැනිදා සිදුවූ ගුවන් ගැටුම් අතරතුරදී, පාකිස්තානය විසින් භාවිත කළ චීනයේ නිෂ්පාදිත J-10C ප්‍රහාරක යානා සහ PL-15 මිසයිල හමුවේ ඉන්දීය ගුවන් හමුදාව සතු අතිනවීන රෆාල් ප්‍රහාරක යානයක් බිම හෙළීමට සමත් වූ බව Reuters පුවත් සේවය පසුව අනාවරණය කළේය. මෙය ඉන්දීය හමුදා බුද්ධි තක්සේරුවල පැවති බරපතළ දුර්වලතාවයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.
තවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය යටතේ ආත්මාරක්ෂාව සඳහා ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලය පූර්වයෙන් දැනුවත් කිරීමට ඉන්දියාව කටයුතු කර නොතිබූ බව ද වාර්තා විය. ස්වෛරී රාජ්‍යයකට කඩාවැදී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් ඉන්දියාවට දැඩි විවේචන ද එල්ල විය.
ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අසල්වැසි ස්වෛරී රාජ්‍යයකට ඕනෑම මොහොතක පහරදීමේ නව ප්‍රතිපත්තියක් මෝදි රජය විසින් ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම මගින්, න්‍යෂ්ටික අවි සහිත දකුණු ආසියානු කලාපය තුළ පාලනය කළ නොහැකි පූර්ණ පරිමාණ යුද්ධයක් හදිසියේ ඇවිලී යාමේ අවදානම ඉහළ ගොස් ඇත. ඒ අනුව, අනිල් චෞහාන්ගේ මෙම අනාවරණය මගින් මෝදි රජයේ හමුදාමය තීරණවල පැවති දේශපාලන වාසි මතු කිරීමට උත්සාහ කළද, ප්‍රායෝගිකව එමගින් ඉන්දියාව අද්දරටම ගෙන ගිය න්‍යෂ්ටික අර්බුදය සහ හමුදාමය අවාසිසහගත තත්ත්වයන් දේශපාලන වේදිකාව තුළ නැවත සංවාදයට ලක්වීමට පටන් ගෙන ඇත.














