සම්පූර්ණයෙන්ම හෝ වැඩි වශයෙන් කෘතිම බුද්ධිය (AI) ආධාරයෙන් නිර්මාණය කරන ලද ගීත ඔස්ට්‍රේලියානු සංගීත දර්ශකවලට (Music Charts) ඇතුළත් කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු පටිගත කිරීමේ කර්මාන්ත සංගමය (ARIA) පියවර ගෙන තිබේ.
නව රෙගුලාසිවලට අනුව සංගීත දර්ශක සඳහා සුදුසුකම් ලැබීමට නම් සියලුම ගීත නිර්මාණ ප්‍රධාන වශයෙන් මානව දායකත්වයෙන් යුක්ත විය යුතුය. නිර්මාණකරුවන්ගේ මානව ස්වභාවය සහ සැබෑ නිර්මාණශීලීත්වය ආරක්ෂා කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි. ඔස්ට්‍රේලියානු DJ වරයෙකු වන ජොෂ් ෆවාස් (Josh Fawaz) විසින් මැඩෝනාගේ ‘Like A Prayer’ ගීතය AI තාක්ෂණය ඔස්සේ නැවත නිර්මාණය කිරීමෙන් පසු එය ARIA නර්තන තනිකඩ ගීත ප්‍රස්ථාරයේ (Dance Singles Chart) ප්‍රථම ස්ථානයට සහ සමස්ත ගීත දර්ශකයේ දෙවන ස්ථානයට පත්වීමත් සමඟ හටගත් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය මෙම නීතිය පැනවීමට ආසන්නතම හේතුව වී ඇත.














