ඉරානය ගෝලීය ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමේ අරමුණින් ‘Economic D-Day‘ නමින් දැවැන්ත ආර්ථික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් (Scott Bessent) ප්‍රකාශ කර තිබේ.
ලොව පුරා ඉරානය සතු මූල්‍යමය වත්කම් ඉලක්ක කරමින් සහ සෙසු රටවල් හෝ ජාත්‍යන්තර සමාගම් ඉරානය සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණයි. ඉරානයේ තෙල් වෙළෙඳාම, මූල්‍ය හුවමාරු, නෞකා ලියාපදිංචි කිරීම් සහ ව්‍යාපාරික සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම දැඩි සම්බාධක පනවන අතර, ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම තෙවැනි පාර්ශ්වයකට හෝ විදේශීය බැංකුවකට එරෙහිව ද්විතීයික සම්බාධක (secondary sanctions) පනවන බවට අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කරයි. ඒ අනුව, ලොව සියලු රටවල් අමෙරිකාව හෝ ඉරානය අතරින් එකක් තෝරාගත යුතු බවට වොෂින්ටනය බලකර සිටියි.














