ධුරයෙන් නෙරපා හරින ලද යුක්රේන ආරක්ෂක අමාත්‍ය ෆෙඩොරොව් (Fedorov) පවසන්නේ යුක්රේනය ක්‍රමයෙන් යුද්ධයෙන් පරාජය වෙමින් පවතින බවත්, වත්මන් ගමන් මඟ වෙනස් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් බවත්ය. පවතින ක්‍රමය වහාම වෙනස් නොකළහොත් යුක්රේනයට ක්රමානුකූල පරාජයකට මුහුණදීමට සිදුවනු ඇති බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
දූෂණය, අකාර්යක්ෂමතාව සහ නිසි උපායමාර්ගයක් නොමැතිකම මීට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම කෘතිම බුද්ධි (AI) ඩ්‍රෝන යානා, ලාභදායී මිසයිල සහ යුද පිටියේ සංවේදක (sensors) ප්‍රමාණවත් තරම් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට යුක්රේනය අපොහොසත් වී ඇති බව ඔහු චෝදනා කරයි. රජයේ කාර්යක්ෂමතාව 5% ක් තරම් පහළ මට්ටමක පවතින බව පවසන ඔහු, රුසියානු සැපයුම් ජාල අඩාල කිරීමට සහ ක්රිමියාව හුදකලා කිරීමට ඇති අවස්ථාව ගිලිහී යමින් පවතින බව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ජනාධිපති සෙලෙන්ස්කිගේ (Zelensky) කාර්යාලය ප්‍රතිචාර දක්වමින් පවසන්නේ ෆෙඩොරොව් සිය ධුරයේ සිටියදී මීට වඩා බොහෝ සුබවාදීව අදහස් දැක්වූ බවයි. ඩොලර් බිලියන ගණනක ආරක්ෂක අයවැය හිඟය සහ යුද සමයේ මැතිවරණයක් පැවැත්වීමට ඔහු කරන බලපෑම් මත දෙපාර්ශවය අතර මේ වන විට ප්‍රසිද්ධ මතභේදයක් ද නිර්මාණය වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්














