‘Colombo 75 Medics’ සංගමය විසින් රුපියල් මිලියන 1.7ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් 6ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පෙරේදා (24) නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.
‘දිට්වා’ හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂම කිරීම සඳහා මෙම උපකරණ තොගය ලබා දී ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1975 කණ්ඩායමේ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් මෙම සංගමයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් අදාළ උපකරණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාර දී තිබේ. රෝහල් පද්ධතියේ දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීම සඳහා සිදු කළ මෙම පරිත්‍යාගය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.














