දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් වූ නිවාස වෙනුවෙන් නව නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකිරීම් අවසන් කළ පළමු නිවෙස ප්‍රතිලාභීන්ට භාර දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24) සිදු කර තිබේ.
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහමුනේගම වසමේ පදිංචි ඇන්ටන් දේවකුමාර මහතා ඇතුළු සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් පවුලක් සඳහා මෙම නිවෙස ලබා දී ඇත. මෙම නිවෙස ඉදිකිරීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කර ඇති අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රේමසිරි, ප්‍රාදේශීය ලේකම් මංජරී සී. චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.














