බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි අතර, අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ. මීට අමතරව, අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතියි. බටහිර කඳුකරයේ බෑවුම් ප්‍රදේශ සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විටින් විට හමන පැ.කි.මී. 40 – 50ක පමණ තද සුළං තත්ත්වයක්ද බලාපොරොත්තු විය හැක.
















