එක්සත් ජනපදය සමඟ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ, ගෝලීය තෙල් හා ද්‍රවීකෘත ස්වභාවික ගෑස් ප්‍රවාහනයේදී තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සඳහා ඉරානය සහ ඕමානය අතර සාකච්ඡුා යළි ආරම්භ කර තිබේ.
යුධ ගැටුම් හේතුවෙන් වසා දමා ඇති මෙම උපායමාර්ගික ජල මාර්ගය හරහා “ඒකාබද්ධ තාවකාලික සංචාලන කොරිඩෝවක්” (temporary navigational corridor) පිහිටුවීම සහ එය උමං බිම්බවලින් (mines) මුදා ගැනීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත්, සප්‍රවාහන කටයුතු තවදුරටත් අවදානම් සහගතව පවතින අතර, සමුද්‍ර සන්ධියට පිවිසුම් මාර්ගයේදී තෙල් නෞකාවකට ද ප්‍රහාරයක් එල්ල වී ඇත. මීට අමතරව, ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බාල පුත්‍රයා ඉලක්ක කරගත් විභව කුමන්ත්‍රණයක් පිළිබඳව විකාශය කළ වීඩියෝවක් සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද රහස් සේවයේ (Secret Service) අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
















