මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දියත් කර තිබේ.
මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මගීන්ට බස් සහ දුම්රිය කාලසටහන් මෙන්ම දිවයින පුරා පිහිටි බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ වැදගත් තොරතුරු පහසුවෙන් ලබාගත හැක. මෙහි විශේෂත්වයක් ලෙස කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය මත පදනම් වූ “MAKU” නමැති මගී සහායකයෙකු ද හඳුන්වා දී ඇත. මීට අමතරව, බස් රථ තත්‍ය කාලීනව නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණය එක් කිරීමටත්, “Park and Ride” ක්‍රමවේදය සහ යාන්ත්‍රික රථගාල් වැනි නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ. ප්‍රවාහන යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ මගී පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.
















