මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ අභිජෝචිත අයුරින් වීථි සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු 18 වැනි දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වැනි දින දක්වා පැවැත්වෙන අතර, පෙරහර නැරඹීම සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මාර්ග බාධක යෙදීම, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම මෙන්ම විශේෂ රථවාහන ගාල් කිරීමේ ස්ථාන හඳුන්වා දී ඇති බව පොලිසිය පවසයි.














