සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට විශිෂ්ට ජයග්‍රහණ හිමිකරදුන් දහම් පාසල් සහ ශාසනාරක්ෂක බලමණ්ඩලයක් ඇගයීමට ලක් කිරීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයේ මූලිකත්වයෙන් පසුගියදා (21) පවත්වා ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමේදී මෙම ඇගයීම් සිදු කෙරුණු අතර, එහිදී සමස්ත ලංකා තරගවලින් ප්‍රථම ස්ථානය හිමිකරගත් වාරියපොළ කලාපයේ ගල්ගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ මහගල්කඩවල ශ්‍රී සුමන ආදර්ශ දහම් පාසල ද, තෙවන ස්ථානය ලබාගත් පඬුවස්නුවර බටහිර 02 ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දිග්ගල්ගෙදර ශ්‍රී මේධංකර දහම් පාසල ද ඇගයීමට ලක් විය. මීට අමතරව, ලංකාවේ සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල අතුරින් දෙවන ස්ථානය දිනාගත් වාරියපොළ කලාපයේ පඬුවස්නුවර බටහිර 02 ශාසනාරක්ෂක මණ්ඩලයද මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරිණි. 2026 වර්ෂයේ ප්‍රාදේශීය සිසු නිපුණතා තරග සැප්තැම්බර් 13 දින පැවැත්වීම සහ ඩෙංගු මර්දනය වෙනුවෙන් වීඩියෝවක් දහම් පාසල්වල ප්‍රදර්ශනය කිරීම මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි ඇතුළු ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් හිමිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.














